Kabok / Laterite
කබොක් බොරලුු...! 🌳🌳🌳🌳🌳 කබොක් නැතහොත් බොරළු යනු, පොළවෙන් හාරා පිරිසිදු කර, කැටවල ප්‍රමාණය මත වර්ගීකරණය කර වෙළඳපලේ විකිණීමට ඇති ස්වාභාවික ඇතුරුම් ගල් ආකාරයකි. උද්‍යානයක අලංකරණය පමණක් නොව කබොක් ඇතිරීම මඟින් උද්‍යානයකට ලැබෙන වෙනත් වටිනා ප්‍රතිලාභ රාශියක් පවතී. උද්‍යානයක වර්ෂා ජලය මඟින් සෝදා පාළුවට ලක්වන එනම් පාංශු ඛාදනය වන ප්‍රදේශයක භූමියේ ආරක්ෂාව සඳහා කබොක් ඇතුරුමක් යෙදීම මඟින් එම ගැටළුවට සාර්ථක විසඳුමක් මෙන්ම අදාල උද්‍යාන කොටසට අගය එකතු කිරීමක් ලැබේ. එමෙන්ම තණකොළ හෝ වෙනත් පැල වර්ගයක්, මල් වර්ගයක් වැවීමට නොහැකි නිසරු ස්ථාන වලට, උද්‍යානයේ සූර්යාලෝකය ඉතා අඩුුවෙන්ම ලැබෙන ස්ථාන වලට, වතුර රැඳී මඩවන ස්ථාන වලට, පස සෝදගෙන යන බෑවුම් සහිත භූමි ප්‍රදේශ වලට, මැද මිදුල් වලට, ගස් හෝ වෙනත් උද්‍යාන අංග වටා ප්‍රදේශ වලට, ගොඩනැඟිලි හා තාප්ප අතර පවතින ඉතා පටු තීරු වලට වැනි ඉතා පුළුල් පරාසයක විහිදුන උද්‍යාන කොටස් සඳහා මෙම කබොක් පෙබල්ස් ඉතා සාර්ථක විසඳුමක් වේ. උද්‍යාන අලංකරණයේදී භාවිතා වන අනෙකුත් ස්වාභාවික පෙබල්ස් ආකාර වලට වඩා විශේෂිත වාසි සහගත තත්වයන් ගණනාවක්ම කබොක් ඇතිරීමේ පවතී. ප්‍රධානම වාසිය නම් අනෙක් ආකාර වලට වඩා මෙය ආර්ථික වශයෙන් වාසිදායක වේ. එනම් වියදම අඩුය. එමෙන්ම මේවා විවෘත උද්‍යාන කොටසකකට හෝ අභ්‍යන්තර උද්‍යාන කොටසකට වුවද එකසේ ගැලපේ. වෙනත් විවිධාකාර වර්ණ වල පෙබල්ස් වර්ග භාහිර උද්‍යාන කොටස් වලට යොදා ගැනීමේ ඇති ප්‍රධානතම ගැටළුවක් නම් කාලයත් සමඟ අව්ව වැස්ස තත්ව යටතේ ඒවායේ සිදුවන වර්ණයේ සහ මතුපිට සිදුවන වෙනස් වීමයි. බොහෝ විට ඒවා මත පෙඳ පාසි බැඳී දුර්වර්ණ වී උද්‍යානයේ අලංකරණයට අයහපත් බලපෑමක් එකතු කරයි. නමුත් කබොක් බොරලු යෙදීමේදී ඒවා තම වර්ණය හෝ පෙනුම කාලයත් සමඟ වෙනස් කර නොගනිමින් සැමදා එකම ආකාරයට උද්‍යානයේ ස්වාභාවික පෙනුම හා අලංකාරය ආරක්ෂා කර දෙයි. වෙනත් පෙබල්ස් ාකාර යෙදීමේදී මෙන්ම භාහිර පරිසරයක කබොක් යෙදීමේ දී ද, එම කබොක් ස්ථරයට යටින් Geo-Textile (1.2 ~ 1.5) උපස්ථරයක් යෙදීම මඟින් වැසි ජලයත් සමඟ පොළවේ මඩ හා කබොක් කළවම් වීම නවතින අතර. කබොක් ඇතුරුම අතරින් පතර වල් මතුවීම වළකී.Landscape is key to enhancing your property's aesthetic and protecting its inherent value.
Preserving the beauty and health of your landscape is key to enhancing your property's aesthetic and protecting its inherent value. Garden Doctor works in partnership with clients to evaluate their site's inherent characteristics, developing bespoke landscape maintenance programs tailored to specific needs. We emphasize transparent planning and flexible budgeting, acknowledging that landscape requirements can shift over time. Our commitment to a proactive maintenance strategy, including precisely timed seasonal interventions, guarantees that your green investment is consistently nurtured and expertly managed.

Comments
Post a Comment